Tuesday, August 1, 2017

සුභ උපන්දිනයක්! සිබිල් නැන්දේ....

සිබිල් නැන්දා අපි කවුරුත් ආදරේට ඇයට මෙලෙස ආමන්ත්‍රණය කළ ද, දැන් එතුමියට වයස අවුරුදු 90කි. එහෙත් ළමා හදවත් ආදරයෙන් පුරවන්නට සමත් වූ ඈ සතු වූ නිර්මාණාත්මක පරිකල්පනය විශ්මිතය. එතුමියට ම අනන්‍ය වූ චිත්‍ර කලාව එතුමිය  අපේ මතකයේ රදවාලන්නට තවත් හේතුකි. දේශිය වශයෙන් පමණක් නොවේ ජාත්‍යන්තරව තම නිර්මාණශීලීත්වය එළිදැක්වූ ඇය   ශ්‍රී ලංකාවට ආඩම්බරයකි.
1927 ඔක්තෝම්බර් 31 දින උපත ලද එතුමියගේ උපන්දිය වෙනුවෙන් කිලින්ම සුභ පැතුමක් එකතුකරන්නට සිතුවා.මේ ලිපිය දිග හැරෙන්නේ එතුමියට ආදරය කරන බොහෝ රසික ජනතාවගෙන් පිරි නැමෙන උපන්දින සුභ පැතුමක් ලෙසිනි. මා කුඩා කළ  ආදරය කරන්නේ සිබල් නැන්දාගේ චිත්‍රවලටය. මගේ සිහින ලෝකය ජායාරූප ගත කරන්නට ඇයට හැකි වුණේ කොහොමද ? මට එදා තිබුණු ප්‍රශ්නයකි. ඒ නිසාම සිබල් නැන්දා ලියන කතා ආසාවෙන් ක‍ියවන්න පටන් ගතතා පමණක් නෙවෙයි ඒ එක්ක ජීවත් වුණා.
සිබිල් නැන්දා ලියන හැම කතාවකින්ම පුංචි මනසට ලොකු ආදර්ශයක් ගෙන දීමට උත්සාහ දරනවා. සිහින ලෝකය තුළින් යථාර්ථය නිවැරදව ගලපා ගන්නට එතුමියගේ නිර්මාණයන් විශාල උත්තේජනයකි. මේ තරම් අපූරු නිර්මාණයන් බිහි කරන්නට ඇය සමත් වුණෙ කොහොමද? එයට ඇගේ පිළිතුර වුණේ ඇය සුන්දර ළමා කාලයක් ගත කිරීම එයට හේතුව බවයි. එතුමියගේ කතා කලාව වගේම අපූරු හදවතක් එතුමිය සතුවන බව නිහතමානි කතා විලාශය පෙන්වා දෙයි.
"මං යථාර්ථය හොඳට දන්නවා ... එත් මං යථාර්ථය තේරුම් අරන් සිහින ලෝකේ ජීවත් නෙවා... මං කැමති සිහින ලෝකයට තමයි..." මේ එතුමියගේ වචනයයි. ඇය සිතනපතන විදිහ අපූරුය. ඇගේ නිර්මාණ අපූරුය. මමත් ඔබත් ආදරය කරන ඇය ඉතාමත් අපූරුය. ඔබට සුභ උපන්දිනයක් වේවා! සිබිල් නැන්දේ.
                                         
                                             - ප්‍රබුද්ධිකා රත්නායක -

කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ යකඩ මිනිසුන්ගේ කතාව - ගින්නෙන් උපන් සීතල (The Frozen Fire)

                         "සමහරු සටන් වදින්නේ ජයග්‍රණනය වෙනුවෙණි. සමහරු  සටන් වදින්නේ විකල්පයක් නොමැති හෙයිණි.  එහි දී නොසිතූ අරගලයන්ට...