Saturday, September 2, 2017

මිතුරාද? හතුරාද ?


බොහෝ අය කියන්නේ  පාසල් කාලේ තමයි ජීවිතේ හොඳම කාලේ කියලා. එත් ඒ ඇයි කියාලා අැහුවොත්???? දෙන පිළිතුරු එකිනෙකාගෙන් වෙනස් වෙන්න පුළුවන්. දාහක් පිළිතුරු අතරින් මට හිතෙන්නේ මෙහෙම පිළිතුරකුත් තියෙන්න පුළුවන්. ඒ තමයි පාසල් කාලේ තමයි මට හම්බුන හොදම යාළුවා හිටියේ. පාසලෙන් අයින් වුණාට පස්සේ මට තව ගොඩක් යාළුවෝ මුණගැසුනා. ඒත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන. එහෙම නැත්නම් වෙන මොකක් හරි පටු අරමුණක් වෙනුවෙන්. එත් පුංචි කාලේ ඉදලා හිතේ තියන ඕනම දෙයක් කියලා හිනාවෙන්න, අඩන්න එකට හිටියේ ඒ අවංක යාළුවා විතරයි.
එත් කවමදාකවත් ඒ වෙනුවෙන් මගෙන් දෙයක් බලාපොරොත්තු වෙලා නෑ. එක බත් එක දෙකට බෙදාගෙන කලා, පුංචි විහිවක් කරලා හිනාවෙන්න විතරයි ඒ යාළුකමට ඕන වුණේ. හැබැයි ඕනම දුකකදී කදුලු පිහදාන්න ආරාධනා නොකරම මගේ හොදම යාළුවා මං ලඟින් හිටියා. ඒ විතරක් නෙමෙයි හිරිදේ හරි, වැරදි දේ වැරදි කියන්නත් හිතේ හයිය ඒ යාළුකමට තිබුණා. ඒ තමයි කල්‍යාණ මිත්‍රකම. හැමෝටම හොදම යාළුවෙක් ලැබෙන්නේ නෑ. බුදුන්වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ කල්‍යමිත්‍රයන් ලබන්න පිං කරලා තියෙන්න ඕනෙ කියලා. සමහරවිට ඔබටත් පාසල් කාලයේ සොදුරු නම් එකට හේතුව කල්‍යාන මිත්‍ර ඇසුර වෙන්නත් පුළුවන්.
කල්පනා කරලා බලන්න ඔබට ඉන්නේ කල්‍යාණ මිත්‍රයන්ද? නොයෙසේනම් කල්‍යාණ මිත්‍රයන් සේ සිටින පාප මිත්‍රයන් ද? යන්න. ඇතැම් විට කලණ මිතුරා හමුවන්නේ පාසලෙන් පමණක් නොවෙයි, වෙන ඕනෑම තැනක සිටින්නට පුළුවන. ඒ කොතැනක සිට මුණගැසුණද ඔබව යහපතට පමණක් පොළඹවන තැනැත්තා කලණ මිතුරෙකු වෙයි. අවස්ථාවෙන් ප්‍රයොජන ගන්නෙකු නොවිය යුතුය. විශ්වාස වන්ත විය යුතුය. ඔබව රවටන්නෙකු නොවිය යුතුය. හරි දෙය හරි ලෙසත්, වැරදි දෙය වැරදි ලෙසත් දකින්නේකු විය යුතුය. ඔබ කල්‍යාණ මිත්‍රයෙකු බලාපොරොත්තු වනවාසේම ඔබත් තවකෙනෙකුට කල්‍යාණ මිතුරෙකු වීමට උත්සාහ කරන්න. එවිට ඔබට කල්‍යමිතුරෙකු මුණ නොගැසුණද , ඔබට පාප මිතුරන්ගෙන් ආරක්ෂා වීමට හැකිවනු ඇත.
                         
                               - ප්‍රබුද්ධිකා රත්නායක -

කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ යකඩ මිනිසුන්ගේ කතාව - ගින්නෙන් උපන් සීතල (The Frozen Fire)

                         "සමහරු සටන් වදින්නේ ජයග්‍රණනය වෙනුවෙණි. සමහරු  සටන් වදින්නේ විකල්පයක් නොමැති හෙයිණි.  එහි දී නොසිතූ අරගලයන්ට...