Friday, October 26, 2018

ඔබේ දරුවා සුරක්ෂිත ද?



ළමා අපයෝජන පිළිබඳව පසුගිය දා පුවත් එකක් නොව බොහෝමයක් වාර්ථා වුණා. ඒ අතරින් විශේෂත්වය වන්‌නේ ගුරුවරුන් විසින් ළමුන් අපයෝජනයට ලක් කිරීමයි. "පියා තම දියණිය දුෂණය කරයි, සීයා මිණිබිරිය දුෂණය කරයි, මස්සිනා නෑනා දුෂණය කරයි, මාමා දුව දුෂණය කරයි, බාප්පා දුව දුෂණය කරයි" මේ වගේ පුවත් අපට නිතර දෙවෙලේ ඇසෙන්නට තිබුණ බව කණගාටුවෙන් වුවද කිවයුතුමය.

නමුත් ඒ අතරට "ටියුෂන් ගුරුවරයා දැරියව අපයෝජනය කරලා, Facebook හරහා අසභ්‍ය වීඩියෝ , ජායාරූප හුවමාරු කරලා, විදුහල්පති තුමා සිසුන් අපයෝජනය කරලා ..." මේ වගේ පුවත් නම් කීයක් පසු ගිය දවස්වල අහන්න දකින්න ලැබුන ද? හරියට Trend එකක් වගේ එක දිගට  Social media වල මේවා Shear වුණා. ඒ විතරක් නෙමෙයි , " මචං tuition මාස්ර්ලගේ එකක් නැද්ද ? " කියලා අහන්න තරම් ආතල් Trend වුණේ කොහොම ද ?
මේ ගැන ටිකක් කල්පනාකාරීව සොයා බැලීමේ දී අපට පෙනී යන්නේ මේ අවුරුද්දේ මෙවැනිම සිද්ධි ඒක පෙළට වාර්ථා වූ බවයි. මුලින්ම සමාජ මාධ්‍ය ජාලයේ ඇමරිකාවෙන් මෙවැනි සිද්ධීන් කිහිපයක්ම වාර්ථා වූණා. ඉන් පසු එය ඉන්දියාවේන් අහන්න දකින්න ලැබුණා. පිට රටින් එන ඔ්න කුණු ගොඩක් ඒ විදිහටම භාර ගන්න අපි ඒ Trend එක වේගයෙන් ලංකාවටත් ආදේශ කර‌ගෙන ඇත. 

මේ වගේ දේවල් සමාජයේ සාමාන්‍ය දේවල් වුණේ කොහොම ද? මොහොතක් හිතන්න ඔබේ දරුවව උපකාරක පංතියකට විතරක් නොවේ පාසලට පවා යවන්න හිතේ සැනසීම ඔබට තියනව ද? මේ කියන්න හදන්නේ අනවශ්‍ය බය කිරීමක් නොවේ. ඔබ සැලකිලිමත් විය යුතුම කාරණාවකි. නැති නම් ඔබගේ නොසැලකිලිමත්කම නිසා විනාශ වී යන්නේ අපේ අනාගතේ වටිනා ජීවිතය. මේ තුළින් සිදුවන විනාශය කොතරම් ද? විකෘත්ති ලිංගික ආශාවන්, ළමායින්ගේ  මානසික ව්‍යාකූලතාවයන්, අධ්‍යාපනය බිඳ වටීම, ඔවුන්ගේ ළමාකම අහිමි වීම වැනි අභාග්‍ය සම්පන්න තත්වයන් නිර්මාණය වීම වැලැක්විය නොහැකිය.
"Oxford ‍” ශබ්ද කෝෂයට අනුව ළමා අපයෝජනය යනු ළමයින් කෙරෙහි අනර්ථයක් සිදුවන ආකාරයෙන් සැළකීම හෝ ක්‍රි‍යා කිරීමයි . මෙහිදි ශාරිරික වශයෙන් ළමයින්ට සිදුකරනු ලබන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් හා ලිංගික අතවර මුල් තැනක් ගෙන අවධාරණය කර ඇත.

ලිංගික ආශාවට පත්වූ මිනිසා එය කෙසේ හෝ පිටකර ගැනීමට උත්සහ ගැනීමය. මෙවැනි පුද්ගලයන් දරුවන් ලිංගික අපයෝජනයන් සඳහා යොදා ගනු ලබනුයේ බලහත්කාරයෙන් නොවේ. ඔවුන් බොහෝ විට එය සිදුකරනුයේ හුරු කිරීමක් ලෙසටය. උදාහරණයක් ලෙසට, ඔඩොක්කුවේ තබා ගැනීම, ස්පර්ශ කිරීම, ලිංගික අවයවයන්ට ආසන්න තැන් සිප ගැනීම, ආදී දෑ, පිටස්තරයන්ටද නොදැනෙන්නට සිදුකරති. මේ තුළින් ලිංගික ආශාවෙන් පෙළෙන පුද්ගලයා ආශ්වාදයක් ලබන අතර, එය දරුවා හෝ දකින අයෙකුටද සැක සිතෙන්නේ නැත. රට තුළ ළමුන් අපයෝජන ක‍්‍රියා වැඩි වීමට මූලික හේතුවක් වී තිබෙන්නේ කුඩා දරුවෙකුට සිදුවුණ දෙයක් ඒ අයුරින්ම විස්තර කිරීමේ හැකියාවක් නොමැති වීමය. තවත් විටක නොදන්නා කමට දරුවා සිදුවූ සියලූ දේ රහසක්ව තබා ගනී කියන විශ්වාසයත් ඒ තුළින් තමන් හෙළිදරවු නොවනා කියන අපයෝජකයා තුළ ඇති නිසාය.මෙවැනි දේවල් අඩුවක් නොමැතිව අප රට තුළ සිදුවන්නේය. 

කෙසේ වෙතත් ඔබේ දරුවා පිළිබඳ ඔබ වඩාත් අවධානයෙන් සිටීම වැදගත්ය. දරුවා යන එන තැන ආරක්ෂාව, රැකවරනය පිළිබඳ සැළකිලිමත් වීම ඉතා වැදගත්ය. 
    
                                                             - ප්‍රබුද්ධිකා රත්නායක- 


No comments:

කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ යකඩ මිනිසුන්ගේ කතාව - ගින්නෙන් උපන් සීතල (The Frozen Fire)

                         "සමහරු සටන් වදින්නේ ජයග්‍රණනය වෙනුවෙණි. සමහරු  සටන් වදින්නේ විකල්පයක් නොමැති හෙයිණි.  එහි දී නොසිතූ අරගලයන්ට...