Monday, May 29, 2017

ශක්තිමත් පෞරුෂයකට නීරෝගී දත් දෙපළක්





මුඛය නොඑසේ නම් කට පිළිබ`ද අවධානය යොමු කිරීමේදී යමෙකුට මුලින්ම මතක් වන්නේ කට යනු සිනාසීමට, කතා කිරීමට හා යමක් ආහාරයට ගැනීමට යොදා ගන්නා ශරීරයේ අංගයක් ලෙස පමණි. නමුත් මුඛයෙහි කාර්ය ඉන් ඔබ්බට වර්ධනය වූවකි. යමෙකුගේ පෞරුෂ වර්ධනය මුඛය හා වැදගත් වන බව ඔබ දන්නවාද? මනෝ විද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඞ් විසින් පෞරුෂ වර්ධනයේ ප‍්‍රධාන අවදි පහක් පිළිබ`දව ස`දහන් කොට ඇත. එහි මුල්ම අවදිය වන්නේ මුඛ අවදිය (Oral Stage) යි. දරුවාගේ   උපතේ සිට මාස 1-18 දක්වා කාලයේදී දරුවාගේ තෘප්තිමත්භාවයේ මූලස්ථානය වන්නේ මුඛය බව ඔහු පෙන්වා දෙයි. යමක් උරා බීම, ලෙවකෑම පමණක් නොව ලිංගික ආස්වාදය ලබන මූලස්ථාන අතරින් මුඛය වැදගත් වන බව ඔහුගේ මතයයි. ඒ අනුව අනාගත පුද්ගලයාගේ චර්යාව ගොඩ නැගීමටත් පෞරුෂයට බලපෑම් කරන්නටත් ප‍්‍රබල සාධකයක් ලෙසත් මුඛය සැලකේ.

සරලව අප එදිනෙදා සමාජයේ ගනුදෙනු කරන විට පිරිසිදු දත් දෙපළක් නොතිබීම අපේ පෞරුෂය හීන කිරීමට හේතුවක් වන්නට පුළුවන. එම නිසා මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාම ඉතාම වැදගත් වේ. මුඛයේ දත්, විදුරුමස හා මුඛය තුළ ඇති ශ්ලේෂ්මල පටල මුඛයේ ප‍්‍රධාන කොටස් 03 ලෙස හදුනා ගත හැකිය. මෙම කොටස් 03 හිම යහපත් සෞඛ්‍ය මුඛ සෞඛ්‍යයේ පූර්ණත්වයට හේතු වේ. ඒ අතරින් දත්වල සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගෙන යන්නේ කෙසේද? යන්න පිළිබද මෙහිදී අවධානය යොමු කෙරේ. බොහෝ අය සිතන්නේ දත් පිරිසිදුව තබා ගැනීමට නම් දත් මැදීම ප‍්‍රමාණවත් බවයි. නමුත් ඔබ එම කාර්යය නිවැරදිව හා දැනුවත්භාවයකින් සිදු කරනවාද යන්න ගැටළුවකි.

අප කවුරුත් දන්නා පරිදි දිනකට දෙවරක් දත් මැදීම කළ යුතු වේ. සාමාන්‍යයෙන් අප උදැසන අවදි වී දත් මැද පිරිසිදු වී වැඩ ආරම්භ කිරීම සිරිතකි. නමුත් රාත‍්‍රී කාලයේ දී දත් මැදීම ද අනිවාර්යය වේ. එයට හේතුව වන්නේ අප රාත‍්‍රියේ නිදා ගත් විට අපේ මුඛය අක‍්‍රීය වීමයි. මුඛය ක‍්‍රියාත්මක වූ විට ඛේටය ශ‍්‍රෘවය වේ. එවිට මුඛයේ ඇති ද්‍රව්‍ය සේදී යයි. නමුත් රාත‍්‍රී නින්දේ දී මුඛය අක‍්‍රීය වී ඛේටය ශ‍්‍රෘවය නොවේ. මෙයින් මුව තුළ විෂ බීජ වර්ධනය වේ. එම නිසා රාත‍්‍රී කාලයේ දී දත් මැදීම අනිවාර්යය වේ.

දත් මැදීමේදී හොද දත් බුරුසුවක් භාවිතා කිරීම වැදගත් වේ. සමතල මතුපිටක් හා කෙදි ඇද නොවූ දත් බුරුසුවකින් දිනකට දෙවරක් දත් මැදීමෙන් දත්වල බැදන දන්ත පත අඩුකර ගත හැකිය. දත් බුරුසුවක් කොපමණ කාලයක් පාවිච්චි කළ යුතුද යන්න හරියටම කිව නොහැක. ඇතැමුන් මාස 01 ත් 03 ත් පමණ දත් බුරුසුවක් භාවිතා කරයි. නමුත් දත් බුරුසුවක කෙදි ඇද වූ විට එම බුරුසුව ඉවත් කළ යුතු වේ. එය පාවිච්චියට සුදුසු ද නැද්ද යන්න තීරණය කිරීමට නම් පාවිච්චි කරන ලද දත් බුරුසුවක් ගෙන ඒ දෙස කෙදි ඇති පැත්තෙන් නොව අනෙක් පැත්තෙන් බැලූ විට කෙදි පෙනේ නම් එහි කෙදි ඇති බව නිගමනය කළ හැකිය. එවිට එම දත් බුරුසුව ඉවත් කළ යුතුය.

තවත් බොහෝ දෙනෙකුට කිබෙන ගැටළුව නම්, කොපමණ වේලාවක් දත් මැදීම කළ යුතුද? යන්නයි. ඒ සදහද නිශ්චිත කාල සීමාවක් නීර්ණය කිරීමට වඩා එය නිවැරදිව සිදු කිරීම වැදගත් වෙයි. දත් මැදීමේ දී කණ්නාඩියක් ඉදිරිපිට දත් මැදීම කිරීම වැදගත්ය. එවිට සියලූම දත් මග නොහැර මැදීමට හැකිය. දත් මැදීමේදී දත් ඇන්දක එක් කොනක සිට අනෙක් කොනට පිළිවෙළට මැදීම කළ යුතු වේ. උඩු ඇන්ද, යටි ඇන්ද, දතේ ඇතුළු පැත්ත, පිට පැත්ත ලෙස දත් මැදීම අනිවාර්ය වේ. මෙසේ නිවැරදිව දත් මැදීමට හුරු වීමේදී මුල් කාලයේ විනාඩි 20 ක් වුව ද ගත විය හැකිය. ක‍්‍රමයෙන් හුරුවීමෙන් අනතුරුව විනාඩි 10 ක් පමණ ගතවේ. ගත වන කාලය නොව නිවැරදිව දත්් පිරිසිදු කර ගැනිම කළ යුතු වේ.

අත තද කොට දත් මැදීමෙන් දතට හානි විය හැකියි. බුරුසුවේ කෙදි සෑම දතකට මෙන්ම දතේ මතුපිට ස්පර්ෂ වීම සිදුවිය යුතුය. නමුත් අත බුරුලෙන් තබාගෙන මැදීම කළ යුතුය. ඇතැමුන් අනවශ්‍ය වාර ගණනක් දත් මැදීමට පුරුදු වී සිටී. එයින් දතට හානි වේ. දිනකට දෙවරක් දත් මැදීම ප‍්‍රමාණවත්ය. පැණි රස ආහාර හා දියර වර්ග පානය කළ පසු පිරිසිදු ජලයෙන් මුඛය සෝදා හැරීම කළ හැකිය. දත් පමණක් නොව දිව මතු පිට ද හොදින් පිරිදු කළ යුතු වේ. එවිට නීරෝගී දත් දෙපළක් හා යහපත් මුඛ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යාමට ඔබට හැකි වනු ඇත. යහපත් සෞඛ්‍ය තත්ත්වයත් නීරෝගී දත් දෙපළත් ඔබේ පෞරුෂය ශක්තිමත් කරනු ඇත.
                                                                ප‍්‍රබුද්ධිකා රත්නායක

No comments:

කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ යකඩ මිනිසුන්ගේ කතාව - ගින්නෙන් උපන් සීතල (The Frozen Fire)

                         "සමහරු සටන් වදින්නේ ජයග්‍රණනය වෙනුවෙණි. සමහරු  සටන් වදින්නේ විකල්පයක් නොමැති හෙයිණි.  එහි දී නොසිතූ අරගලයන්ට...