Sunday, May 21, 2017

ශබ්දයෙන් ඇඳීමේ කලාව (sound design)



                                             කථිකාචාර්ය‐ තරුපති මුණසිංහ
            ශබ්ද නිර්මාණකරණය (sound design ) අද කාලීන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා. ලෝකයේ ශබ්ද නිර්මාණකරණයFilm and Television Course ) නව පාඨමාලාවක් ලෙස ආරම්භ කිරීම හඳුනා ගන්නට පුළුවන්. එම කාරණාව මෙම ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටම සතුටුදායක ආරංචියක්. ඒ නිසාවෙන්ම අපි මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය තරුපති මුණසිංහ මහතාගෙන් අදහස් විමසුවා. ශබ්ද නිර්මාණකරණය පිළිබඳ අත්දැකීම් බහුල ඔහු සමඟ කළ කතාබහේ දී ඒ පිළිබඳ ඔහු දැක්වූ අදහසයි මේ.
උපයෝගී කරගනිමින් සිදුකොට ඇති නිර්මාණ වඩා වැඩි ජනප්‍රියත්වයක් උසුලන නිර්මාණ බවට  පත්වෙලා. විශේෂයෙන් අද වන විට තරුණ පරම්පරාවේ ඉහළ ආකර්ෂණයක් (sound design)  කෙරෙහි යොමු වෙමින් පවතිනවා. තාක්ෂණික උපාංග භාවිතා කරමින්  නිර්මාණයට අවැසි සියලුම ආකාරයේ නිර්මාණාත්මක හැඩතල සපයන්නට හැකි වීම මෙහි විශේෂත්වයකි. නමුත් කාගෙත් උනන්දුවට සහ අවධානයට  ලක් වී ඇති මෙම ශබ්ද නිර්මාණකරණය ලංකාව තුළ තාමත් ප්‍රාරම්භක අවදියේ පසුවන බවක් දැක ගන්නට පුළුවන්. මෙහි හැරවුම් ලක්ෂයක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ සිනමාව හා රූපවාහිනී පාඨමාලාව (

ශබ්ද නිර්මාණකරණය පිළිබඳ ඔබගේ පැහැදිලි කිරීම කොයිවගේද?
         ශබ්ද නිර්මාණකරණය ගැන කතා කරන විට විශේෂයෙන් සිනමාව පැත්තෙන් උදාහරණ සහිතව පැහැදිලි කරන්න පුළුවන්. බොහෝ වෙලාවට සිනමාව ගැන කතා කරන විට වැඩි දෙනෙක් අවධානය යොමු කරන්නේ රූපයට පමණයි. නමුත් සිනමාවේ දී රූපයට මෙන්ම ශබ්දයටත් විශාල අගයක් තිබෙනවා. මිනිසාට පිහිටා තිබෙන්නේ ඇස් දෙකක් සහ කන් දෙකක්. එහි අවශ්‍යතාවය සියයට 50 බැගින් පවතිනවා. නැතිනම් එක් ඇසක් සහ කන් දෙකක් හෝ එක කනක් සහ ඇස් දෙකක් හෝ බැගින් පිහිටන්නට තිබුණා. නමුත් එසේ නොවී ශාරීරිකව වුවද ඇස් දෙකක් සහ කන් දෙකක් පිහිටා තිබෙන්නේ රූපයත් ශබ්දයත් එක හා සමානව වැදගත් වන නිසා. ඇත්තෙන්ම ඒ නිසා නිර්මාණයකදී ශබ්දය ඉතාම බලපෑම්කාරී සහ වඩාත් වැදගත් කොටසක් ලෙස හඳුන්වන්ට පුළුවන්. ශබ්ද නිර්මාණකරණය සඳහා ඒ හා සම්බන්ධ තාක්ෂණය වැදගත් කොටසක් වගේම මගේ මතය වන්නේ ඒ සඳහා නිර්මාණාත්මක චින්තනය (Creative Thinking ) විශේෂයෙන් වැදගත් වන බවයි. එනිසා මෙම ශබ්ද නිර්මාණකරණයේ දී ඒ හා සම්බන්ධ නිසි තාක්ෂණික හා නිර්මාණාත්මක දැනුම මෙන්ම නිර්මාණාත්මක චින්තනයත් යන අංශ දෙක ගැනම කතා කළ යුතුයි.

ශබ්ද නිර්මාණකරණයේ ආරම්භය කොහොමද?  
         ඇත්තෙන්ම මුල් කාලීනව අපිට ග්‍රීක නාට්‍ය කලාවේ මේ ශබ්ද නිර්මාණකරණයේ ලක්ෂණ දැක ගැනීමට පුළුවන්. වර්තමානයේ ශබ්ද නිර්මාණකරණය කියන කාරණාව වක්‍රාකාරව මෙම ග්‍රීක නාට්‍ය තුළ දැක ගන්නට ලැබුණා. මධ්‍යකාලීන යුගයේ Mistary/Mirical/Morality ලෙස නාට්‍ය වර්ග 03 ක් හඳුනා ගන්නට පුළුවන්. එහිදී විශේෂයෙන් ඉදිරිපත් කෙරුණේ අපාය සහ දෙව්ලොව අතර වෙනසයි. එය පෙන්වීම සඳහා නාට්‍යයට ශබ්දය උපයෝගී කොට ගෙන තිබුණා. වර්තමානයේ බටහිර නාට්‍ය තුළ ශබ්ද නිර්මාණකරුවෙක් (Sound Designer ) සිටිනවා. ඔහුට පැවරුණ විශාල වගකීමක් තිබෙනවා. ශබ්ද නිර්මාණකරණයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස Francis Ford Coppola විසින් නිර්මාණය කරන ලද Apocalypse now  චිත්‍රපටයේ ශබ්දය අපූර්ව ලෙස භාවිතා කරනවා. උදාහරණයක් ලෙස මෙම විත්‍රපටයේ එක්තරා අවස්ථාවක සොල්දාදුවෙක් ඇඳේ වැතිරී සිවිලිමේ ඇති විදුලි පංකාව දෙස බලා සිටිනවා. ඔහුට ක්‍රියාන්විතය සඳහා ලැබිය යුතු අණ රැගෙන එන්නේ හෙලිකොප්ටරයෙනි. එහිදී විදුලි පංකාවත් හෙලිකොප්ටරයේ හඬත් අපූර්ව ලෙස සංයෝජනය කරමින් එම අවස්ථාවේ සොල්දාදුවාගේ සිතෙහි ඇති ව්‍යාකූල බව ශබ්දය තුළින් Walter Murch ඉදිරිපත් කොට ඇත. ඒ 1979 දී, මෙයින් පසු ශබ්ද නිර්මාණකරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු වෙනවා.
මීට අමතරව Animation චිත්‍රපට නිර්මාණයේ දී Benburnt ශබ්ද නිර්මාණකරණයේ දී විශේෂයෙන් මතක් කරන්න පුළුවන්. බොහෝ දෙනාගේ අදහස්වලට අනුව ශබ්ද නිර්මාණකරණයේ දී Benburnt හා Coppala දෙදෙනා  එක හා සමාන වැදගත්කමක් ගන්නවා. මොකද Sound Design කියන කාරණාව වැඩි කතාබහකට සහ නිර්මාණකරණයට දායක කර ගැනීමට ඔවුන් දෙදෙනාගෙන් වැඩි දායකත්වයක් ලැබුණායැයි කියන්නට පුළුවන්. වර්තමානය වන විට ලෝක මට්ටමේ නිර්මාණ තුළ ශබ්ද නිර්මාණකරණයට වටිනා තැනක් සහ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

ශබ්ද නිර්මාණකරණය පිළිබඳ නිර්මාණ ඇසුරෙන් උදාහරණ මොනවාද?
ඇත්තෙන්ම මේ සඳහා බොහෝ නිර්මාණ උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ඒ අතරින් Apocalypse Now, Citizen Kane, Touch of Evil, The Birds, Star Wars, Riders of the Lost Ark, Eraserhead, Raging Bull, Saving Private Ryan, The Gravity, Wall-E යන චිත්‍රපටත්, ශ්‍රී ලංකාවේ නිර්මාණ අතරින් D.B නිහාල්සිංහගේ “වැලි කතර”, වසන්ත ඔබේසේකරගේ “කැඩපතක ඡායා” වැනි සිනමාපටත් දැක්වීමට පුළුවන්.

ශබ්ද නිර්මාණකරණය ( Sound Designer) කියන්නේ මොකක්ද? එහි කාර්යභාරය කොයිවගේද?
         යම්කිසි නිර්මාණයක දී අපිට, එයට අවශ්‍ය ශබ්දය ගැන අවබෝධයක් තිබිය යුතුයි. සෑම ශබ්දයක්ම අවශ්‍යද? නැද්ද? කියන කාරණාව සිතා බලන්නට අවශ්‍ය වෙනවා. උදාහරණයක් ලෙස යමෙක් කතා කරන විට ඔහු සිය අතින් මේසයට තට්ටු කරනවා යැයි සිතමු. නමුත් එම දර්ශනයේ දී ඒ හඬ නිර්මාණයට වැදගත් නොවේ නම් එය ඉවත් කිරීම් හැකියාව පවතිනවා. ඇතැම් විට එම හඬ ඔහුගේ මානසික ව්‍යාකූල බව පෙන්නුම් කිරීමට උපක්‍රමයක් ලෙස භාවිත කළ හැකිය. ඒ අනුව නිර්මාණයක දී ශබ්දය අවශ්‍යද? නැද්ද? යන්න තෝරා නිර්මාණයට භාවිත කිරීම ශබ්ද නිර්මාණකරණයේ දී සිදු කරනු ලබයි. Sound Designer එහෙම නැත්නම් ශබ්ද නිර්මාණකරණය කරන පුද්ගලයා “ශබ්දයෙන් ඇඳීම කරන පුද්ගලයා” ලෙස හඳුන්වා දිය හැකියි. මෙහි කාර්යභාරය කතා කිරීමේ දී ශබ්දයේ කොටස් 05 ක් හඳුන්වා දෙන්නට පුළුවන්.
1      දෙබස් ( Dialogs)
2 සංගීතය ( Music)
3 ශබ්ද ප්‍රයෝග (Sound Effects)
4 හඬ කැවීම ( Foley & ADR)
5 ස්වභාවික හඬ ( Natural Sound/Nat Sound)
මෙම කොටස් 05 උපයෝගී කරගෙන ශබ්ද නිර්මාණකරුවන් විසින් ශබ්ද නිර්මාණකරණයේ යෙදෙයි.

ශබ්ඳ  නිර්මාණකරණය යන්න විෂයක් ලෙස විධිමත්ව අධ්‍යාපන ක්ෂේත්‍රයට පැමිණීම කොහොමද?
                    මෙය 20 වන සියවසේ මැද භාගයේ සිට ප්‍රායෝගික විෂයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයට එකතු වෙනවා. විශේෂයෙන් ඇමරිකාව, ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව වැනි රටවල නිර්මාණකරණයට අවශ්‍ය මූලික දැනුම ලබාදෙනවා. ලෝකයේ මේ විෂය ක්ෂේත්‍රයට සාධනීය මට්ටමේ අධ්‍යාපනික පසුබිමක් තිබෙනවා. එය නිර්මාණය වී තිබෙන්නේ ඒ  ඒ රටවල ශබ්ඳ  නිර්මාණකරණය පිළිබඳ ඇති වැදගත්කම හදුනාගෙන ඇති නිසයි.  ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලයේ මේ සම්බන්ධව පාඨමාලා පවතිනවා. ඊට අමතරව අපේ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ ආරම්භ කළ සිනමාව හා රූපවාහිනි පාඨමාලාව Film and Television course තුළින් මේ ශබ්ඳ නිර්මාණකරණය (Sound Design)

                      රූපයට මෙන්ම ශබ්දයටත් නිර්මාණයේ ජීවය තීව්‍ර කිරීමට හැකි බව මෙම කතා බහ තුළින් ප්‍රත්‍යක්ෂ  වූ කාරණයකි. එමෙන්ම ලෝකයේ වඩාත්  නවීන තාක්ෂණය හා ගණදෙනු කරමින් එය නිර්මාණකරණයට උපයෝගි කර ගැනීම ශබ්ද නිර්මාණකරණයේ දැකගත හැකි මූලික ලක්ෂණයකි. නමුත් එහි තාක්ෂණික කාරණාව පමණක් නිර්මාණයක සාර්ථකගත්වයට බල නොපායි. එයට නිර්මාණත්මක චින්තනය සහ නිර්මාණත්මක දැනුම අවශ්‍ය බව පෙනීයන කරණාවකි. ඒ සදහා අවශ්‍ය වටපිටාව නොයෙසේ නම් පසුබිම සකස් කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ මෙම පාඨමාලාව වැදගත් කාර්ය භාරයක් ඉටුකිරීමේ පෙරනිමිති සැලකරයි. එය මෙම ක්ෂේත්‍රයට ඇළුම් කරන ඔබගෙත්, මගෙත්, කලාත්මක නිර්මාණයන්ට ආදරය කරන සියළුම දෙනාට සතුටට කාරණයකි.

                                                            සංවාද සටහන‐ එච්. එම් ප්‍රබුද්ධිකා රත්නායක.



 
   
+

කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ යකඩ මිනිසුන්ගේ කතාව - ගින්නෙන් උපන් සීතල (The Frozen Fire)

                         "සමහරු සටන් වදින්නේ ජයග්‍රණනය වෙනුවෙණි. සමහරු  සටන් වදින්නේ විකල්පයක් නොමැති හෙයිණි.  එහි දී නොසිතූ අරගලයන්ට...