Sunday, July 23, 2017

එකෝමත් එක රටක.....!

                   
                 
                     "එකෝමත් එක රටක..... "
            "හ්ම්...? ඉතින් ඉතින්... කියන්නකෝ.."
                                 
පුංචිකාලේ මේ අත්දැකීම ඔබටත් තිබෙනවා ඇති. ඒ විතරක් නෙවෙයි අපි පුංචිකාලේ අහන්න ආසම වචනේ මෙය කිව්වොත් එයට විරුද්ධ වෙන පිරිස අඩුයි. කොච්චර ඇහැව්වාත් එපා වෙන්නේ නැති කතන්දර අප කුඩා කළ සිටම ප්‍රිය කරන දෙයකි. 

කුඩා කළ විතරක් නෙවෙයි තරුණ , වැඩමුළු, බේදයකින් තොරව අපි තුළ කතාන්දරයට ප්‍රියතාවයක් දක්වන බව පෙනීයයි. ඒවා හි ස්වරෑපය එකිනෙකට වෙනස් වුනත් එවා සියල්ල කතාන්දරය. කුඩා කළ සුරංගනා කතා , තරුණ පිරිස ආදර කතා, වැඩිහිටියන් ආදර්ශමත් කතා මේ විදිහට අසනවා වන්නට පුළුවන. නමුත් නමුත් ඔවුන්ගේ කතාන්දර ඇසීමේ රුචිය වර්ග කර දැක්වීම අසරුය.

කතාන්දර කිව්වාම විහිලු කතා, ආදර්ශවත් කතා, ත්‍රාස කතා, උපමා තකා, ජන කතා, සුරංගනා කතා,බණ කතා, රජ කතා, කට කතා.. ආදී වශයෙන් කතා බොහෝමයකි. කතාත්තර කලාව ඈත අතීතයේ සිට පැවත එන්නකි. අතීතයේ මානවයා සත්තු සඩයම් කර ඒවා රාත්‍රියේ තම ගෝත්‍රයේ වැසියාට කතාන්දරයක් ලෙස කියන්නට ඇත. මානවයා ක්‍රමයෙන් දියුණු වනවාත් සමගම කතාන්දරයේ නිර්මාණාත්මක ගුණයද වර්ධනය විය.

මෙසේ වර්ධනය වු කතාන්දරය වර්තමානයේ වඩාත් ඉල්ලුමක් ඇත්තේ කටකතාවටය. කට කතා යනු අතීතයේ ලේඛන කලාව නොපැවති යුගයේ කටින් කට ව්‍යප්ත වු මාධ්‍යය කි. නමුත් අද කට කතා වැඩි පිරිසක් ජනප්‍රියව ඇත්තේ අන්තර්ජාලය තුලිනි. එය විශේෂයෙන් අනුන්ට මඩ ගැසීමේ මාධ්‍යයක කරාගන තිබිම කණගාටුවට කරුණකි. නමුත් කතාන්දරය යනු මිනිසාගේ පරිකල්පන ශක්තිය වර්ධනය කිරීමටත්, නිර්මාණශීලී ගුණය ඔප්නැංවීමටත් යොදා ගත හැකි, ආදර්ශයක් සමාජ ගත නළ හැකි ප්‍රබල මාධ්‍යයක් බව සිහි කැදවා ගැනීම අවශම දෙයකි.
                                 
                                       - ප්‍රබුද්ධිකා රත්නායක -

Saturday, July 15, 2017

ඔබත් හිස්ටීරියා රෝගියෙක්ද ?


සමහර වෙලාවට කිසිම හේතුවක් නැතුව ඇග රිදෙනවා, උණ වගේ, කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ වගේ කියලා ඔබට හිතෙනවද?  නැත්නම් කවුරුහරි කියලා තියනවද? මාසෙකට සැරයක හරි වෛද්‍යවරයෙක් හමුවෙන්න ලෙඩන් හදා ගන්නවස? එහෙනම් ඔබත් හිස්ටීරියා නැමති මානසික රෝගයෙන් පෙලෙනවා විය හැකිය. ඇත්තටම මොකක්ද මේ හිස්ටීරියා කියන්නේ....?

සරලව කියනවා නම් මෙම රෝග තත්ත්වය හිස්ටීරියාව (Hysteria ) එසේත් නැත්නම් Dissociative Disorder ලෙසින් හැඳින්වේ. ප්‍රධාන ලක්ෂණය වන්නේ කායික හෝ මානසික ක්‍රියාවලියේ හදිසි ඇණහිටීමකි. මෙවැනි පුද්ගලයන් අධික මානසික පීඩනයකට මුහුණ දුන් විටදී මේ ආකාරයේ ගැටලුවලට මුහුණ දෙන අතර වෛද්‍යපරීක්ෂණ මඟින් ශාරීරිකව කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි. මුල් කාලයේදී හිස්ටීරියාව කාන්තාවන්ට පමණක් වැළඳෙන බව පැවසුවද පසුකාලීනව ඒ මතය වෙනස් වූවා.

මෙසේ අතීතයේදී කාන්තාවන් හිස්ටීරියාවට ගොදුරු වීමේ හේතුව ලෙස දැක්වූයේ ඔවුන්ගේ ගර්භාෂය නිතර එහෙට මෙහෙට වෙනස් වනවිට ඇතිවන යම් හේතුවක් නිසාය යන්නයි. මෙම හිස්ටීරියාව රෝග තත්ත්වය ප්‍රධාන වශයෙන් විවිධ අංශ යටතේ වෙන් වශයෙන් කතා බහට ලක්කළ හැකියි.

           මෙම රෝගය මුලින්ම සොයා ගන්නා ලද්දෙ ප්‍රාන්ස් ප්‍රෙඩිරිච් ඇන්ටන් මෙස්මර් විසිනි. ඔහු ජර්මන් ජාතික වෛද්‍යවරයෙකි. ඇනිමල් මැග්නිටිස්ම් හෙවත් සත්ව චුම්භකත්වය යන සංකල්පයේ හා ස්වාප්නවේදය හෙවත් මෝහන ප්‍රතිකාර ක්‍රමයේ පියා ලෙස සැලකේ. ඔහු විසින් වෛද්‍ය විද්‍යාවට පටහැනි අමුතුම ආකාරයේ ප්‍රතිකාර ක්‍රමයක්ලෙස හදුන්වාදුන් චුම්භක බලයෙන් රෝග සුවකිරීමේ කලාවේ කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිබවත් එය මිත්‍යාවක් පමණක් බවත් සදහන් කරමින් මෙම ප්‍රතිකාරය ඔහුට සමකාලීන වෛද්‍යවරුන්ගේ දැඩි විවේචනයන්ට ලක්වූ අතර මෙම නිසාම ඔහුට තම කීර්තිනාමය අහිමිවිය.

කෙසේ වෙතත් මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් එවක යුරෝපා සමාජයේ වසංගතයක් සේ පැතිරීතිබූ හිස්ටීරියාව හෙවත් මායා රෝගය සුවකිරීමට හැකිවිය.මෙම ප්‍රතිකර ක්‍රමයේ විද්‍යාත්මක බව සනාථ කිරීමට ඔහු ඉදිරිපත්කල තර්ක සියල්ල විද්‍යාත්මක පර්යේෂණ හමුවේ ප්‍රතික්ෂේපවිය.මෙම ප්‍රතිකාර ක්‍රමය සොයාගැනීම නිසා ඔහුට ලැබුනේ කීර්තිය නොව අපකීර්තිය පමනි.ඔහුගේ මරණයෙන් වසර කිහිපයකට පසු මේ පිළිබදව පර්යේෂණ සිදුකල ප්‍රංශ ජාතික ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුවූ ජින් මාටින් චාකොට් විසින් පෙන්වා දුන්නේˑ මෙස්මර්ගේ මෙම ප්‍රතිකාර ක්‍රමය මනසික ප්‍රතිකාර ක්‍රමයක් බවත් එමගින් රෝගින් සුවවන්නේ චුම්භක බලයක් නිසා නොව මනසට සිදුකරන ස්වංයෝජනා නිසා බවත්ය.ජින් මාටින් චාකොට් විසින් මෙස්මර් ගේ ප්‍රතිකාර ක්‍රමය තවදුරටත් වැඩිදියුණු කලේයˑචාකොට් මෙය ස්වාප්නය හෙවත් මෝහන ප්‍රතිකාරය යන නමින් හැදින්වීය.

මෙස්මර් ප්‍රතිකාර කිරීමෙදී කණ්ඩායම් වශයෙන් හෝ එක් රෝගියකු වෙනවෙනම ගෙන ද ප්‍රතිකාර කළේය.ඔහු ප්‍රතිකාර කල අයුරු මෙසේය.ඔහු රෝගියා ඉදිරියෙන් රෝගියාගේ දණහිස් හා මෙස්මර් ගේ දණහිස් ස්පර්ශ වනසේ රෝගියා ඉදිරි පිටින් වාඩිවෙයි.මේ අතර රෝගියාගේ මහපට ඇගිල්ල තම අඅතින් තදකරමින් එක එල්ලේ රෝගියාගේ දෑස දෙස බලයි.ක්‍රමයෙන් තම අත රෝගියාගේ උරහිස දක්වා ගෙනයයි.යලින් සෙමෙන් අත පහළට ගෙන එන ඔහු රෝගියාගේ ඇගිළි ස්පර්ශ කරයි.ඇතැම් විට ඔහු මෙසේ පැය කිහිපයක්ම ප්‍රතිකාර කරයි.මෙම අවස්ථා වේ දී රෝගීන්ට අමුතු දැනීමත් සමග සුවයක් ලබන බව දැක්වේ.

මෙය මානසික රෝගයකි.නමුත් වර්තමානයේ මේ සදහා දියුණු ප්‍රතිකාර ක්‍රම පවතියි.එදිනෙදා ජීවිතයේ කාර්යබහුල බව හා මානසික පීඩනය හේතුවෙන් මෙම තත්ත්වයට මූණ පෑමට සිදුවිය හැක. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයන්ගේ එදිනෙදා ජීවිතයට යම් බලපෑමක් ඇතිවනවා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර නොපමාව ගැනීමට වගබලා ගත යුතු අතර ඕනෑම දෙයක් ඕනෑවට වඩා විශ්වාස නොකිරීමෙන් හිස්ටීරියාව වැනි තවත් ගැටලුකාරී රෝග අවස්ථාවන්ගෙන් මිදී ජීවත් වීමට ඔබට අවශ්‍ය ශක්තිය ලබා ගත හැකි වේවි.
       
                                     -ප්‍රබුද්ධිකා රත්නායක -


Wednesday, July 12, 2017

King of Pop



King of Pop හෙවත් මයිකල් ජැක්සන් යනු ලොවක් ආදරය කළ අමිල චරිතයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහු මෙලාවෙන් සමු ගත් බව පිළිගැනීමට පවා අකමැති ඔහුගේ රසිකයන් වෙනුවෙන් අන්තර්ජාලය ඇසුරින්,  කෙටි සටහනක් ඉදිරිපත් කෙරේ.


මයිකල් ජෝසෆ් ජැක්සන් ඇමෙරිකාවේ ඉපිද වෘතියෙන් ගායකයෙකු, ගීත රචකයෙකු, නර්තන ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු, වශයෙන්ද එසේම දානපතියෙකු වශයෙන් මිය යන තෙක්ම කටයුතු කල අතර ඔහුගේ ගායනමය, නර්තනමය හැකියාවන් හා විලාසිතා නිසාද,ඔහුගේ ප්‍රසිද්ධියට පත් පෞද්ගලික ජිවිතය නිසාද,ලෝකයේ ඉමහත් ජනාදරයට හා ප්‍රසිද්ධයට පත් වු අතර එම නිසාම ඔහු "King of Pop''යන අන්වර්ත නාමයෙන්ද හදුන්වන ලදි.

මයිකල්, නවදෙනෙකුගෙන් යුත් පවුලක අටවෙනි සාමාජිකයා ලෙසින් 1958 වසරේ අගෝස්තු 29වනදා ඇමෙරිකාවේ ඉන්ඩියානාහිදී උපත ලද අතර මයිකල් ගේ ප්‍රථම වෘත්තිමය සංගීත ආගමනය සිදුවුයේ 1964 වර්ශයේදි වන අතර ඒ ඔහුගේ සහෝදරයන් හා ඔහු ඇතුලත් වූ ''Jackson 5''  සංගීත කාණ්ඩයායම හා එක්වය.මෙම සංගීත කාණ්ඩයායමට ඔහු ඇතුලුව ඔහුගේ සහෝදරයන් වන Jackie,Tito, Jermaine, Marlon යන සහෝදරයන් ඇතුලත් විය. මිය යන විට පනස්වැනි වියෙහි පසූවූ ජැක්සන්, ඇමෙරිකාවේ “බෙවිලි”හී සිය නිවසේ දී හදිසි හදවත් රෝගයක් හේතුවෙන් 2009 ජුනි 25 මිය ගියේය.

විදෙස් මාධ්‍යයන් සඳහන් කලේ, ජැක්සන්ට මෙම හදවත් රෝගය ඔහුගේ නිවසේදී හැදී තිබෙන අතර ඔහුගේ සේවකයෙකු විසින් එය වෛද්‍යවරුන්ට දැනුම් දී තිබෙන බවයි. නමුත් වෛද්‍යවරුන් ජැක්සන්ගේ නිවසට පැමිණෙන විටත් ඔහුගේ හදවත ක්‍රියාත්මක තත්ත්වයේ නොතිබූ බවත් වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් ගත්තද මෙම සුපිරි පොප් ගායකයාට ජීවත්වීමට වාසනාව උදාකර දීමට හැකියාවක් නොලැබුණු බවත් වාර්තාවේ.

විදෙස් පුවත් සඳහන් කලේ, ලොස්ඇන්ජලීස් වේලාවෙන් 25වන බ්‍රහස්පතින්දා පස්වරු 2.26ට සුපිරි ගායක මයිකල් ජැක්සන් මිය ගිය බව නිලවශයෙන් ප්‍රසිද්ධ කර ඇති බවයි.
මයිකල් ජෝශප් ජැක්සන්, නවදෙනෙකුගෙන් යුත් පවුලක සත්වෙනි සාමාජිකයා ලෙසින් 1958 වසරේ අගෝස්තු 29වනදා ඇමෙරිකාවේ ඉන්ඩියානාහිදී උපත ලැබීය.

ටැම්බරින් සහ බොංගෝ සංගීත භාණ්ඩ වාදනය කරමින් මයිකල් ජැක්සන් සිය සහෝදරයින්ගේ සංගීත කණ්ඩායම “ජැක්සන් 05” කණ්ඩායමට 1964දී දායකත්වය ලබාදුණි. කෙසේ වෙතත් ඉතා නොබෝ කළකින් මයිකල් ජැක්සන් මෙම සංගිත කණ්ඩායමේ ප්‍රධාන ගායකයාගේ ස්ථානය හිමි කර ගත්තේය.

1967 වසරේ දී ජැක්සන් හඩදුන් “I Want You Back” ගීත අල්බමයට ඉහළ ප්‍රතිචාර ලැබුණු අතර මෙම ගීතය එවකට රසිකයින්ගේ ‘නොම්බර 1’ ගිතය විණි. එවකට මයිකල් ජැක්සන්ගේ වයස අවුරුදු 11කි. හෙතෙම වර්ෂ 1978 දී සිය ඒකපුද්ගල ගීත ඇල්බමයක් එලිදැක්වූ අතර එහි මිලියන 10ක පිටපත් ලොව පුරා අලෙවි විණි.
1982 දී ඔහු විසින් ඉදිරිපිත් කළ “THRILLER” ඇල්බමය ලෝක සංගීත ඉතිහාසයේ ඉතා වේගයෙන් පිටපත් අලෙවි වූ ඇල්බමයක් වන අතර මිලියන 65ක් තරම් වූ පිටපත් එහි අලෙවි වීම හේතුවෙන් එය ගිනස් වාර්තා පොතටද එක් විණි.

එක් වසරකදී වැඩිම ග්‍රරැමි සම්මාන 13ක් ලබාගත් පුද්ගලයා ලෙස 1984 වසරේදී වාර්තාවක් තැබීමට පවා මෙම සුපිරි පොප් ගායකයා සමත් වුණි.

“BAD” නමින් 1987 දී ඉදිරිපත් කළ ගීත ඇල්බමයේ පිටපත් මිලියන 30ක් අලෙවි වුණු අතර මෙම සුපිරි පොප් ගායකයාට වාසනාව කැන්දවූ ගීත ඇල්බමයක් ලෙසින් ද මෙය හැදින්විය හැක. ඉන්අනතුරුව ඔහු ලෝකයේ විවිධ රටවල් සංදර්ශන පවත්වමින් සිය ගීත හැකියාවෙන් රසිකයින් මවිත කළේය. වෙම්බ්ලි හී පැවැති ජැක්සන්ගේ ප්‍රසංගයක් සඳහා වරක් එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය පැමිණ තිබේ.

පොප් ගායක එල්විස් ප්රෙස්ලිගේ දියණිය වන ලීසා මාරි ප්රෙස්ලි සමග මයිකල් ජැක්සන් 1995 දී විවාහ වූ අතර එම විවාහ දිවිය පැවතුණේ වසර දෙකක් වැනි කෙටි කාලයක් පමණි.

1996 සැප්තැම්බර් මාසයේ දී හෙතෙම “History World Tour” සංචාරය අරඹමින් යුරෝපයේ නගර 58ක ගීත සංදර්ශන පැවැත්වීය. එය 1997 ඔක්තෝබර් දක්වා සිදුවිය. මිලියන 4.5කට අධික රසිකයින් පිරිසක් මෙම සංදර්ශනයන් හි අසිරිය විදගැනීමට පැමිණි බව වාර්තා විය. මෙම ලෝක සංචාරය මහද්වීප 05ක රටවල් 35කදී ඉතා සාර්ථකව ඉදිරිපත් කිරීමට හෙතෙම සමත් විය.

කෙනෙකු විසින් වැඩිම පුණ්‍ය කටයුතු ප්‍රමාණයක් සිදු කරමින් ගිනස් පොතට සිය නම ඇතුළත් කර ගැනීමේ වාසනාවද මෙම සුපිරි ජැක්සන්ට 2002 වසරේ දී හිමිවූ බව විදෙස් තොරතුරු තවදුරටත් වාර්තා කරයි. අමෙරිකාවේ 9යි 11 ප්‍රහාරයෙන් පසුව යළි ඇමෙරිකාව නඟා සිටුවීම සඳහාද මයිකල් ජැක්සන් සහ අනෙකුත් ගායක ගායිකාවන් සමඟ එක්ව දැවැන්ත ප්‍රසංගයක් පවත්වමින් සිය දායකත්වය ලබා දි තිබුණි.

එමෙන්ම පසුගිය දිනෙක මෙම සුපිරි තරුව සජීව සංගීත ප්‍රසංග වේදිකාවෙන් සමුගනු ලැබුවද එළඹෙන ජුලි මාසයේ දී නැවත් ප්‍රසංග වේදිකාවට පැමිණීමට තීරණය කර තිබුණි.

එමෙන්ම SONY BMG මියුසික් ආයතනය විසින් මේ වසරේදී මෙම සුපිරි ගායකයාගේ 50වැනි උපන් දිනයට සමගාමීව විවිධ රටවල් නියෝජනය වන පරිදි දැවැන්ත සංගීත ප්රසසංගයන් පැවැත්වීමට ද සැලසුම් සකස් කර තිබුණද ඔහුට ඉතා අවාසනාවන්ත ලෙස මරණය හරස්විය.

මයිකල් ජැක්සන් ගායකයකුට වඩා තරුවක් විය. තරුවක් වීමට, විශේෂයෙන් “පොප් තරුවක් වීමට” ගායන හැකියාවට වඩා බොහෝ දේ තිබිය යුතුය. ඕනෑම පුද්ගලයකු ජනප්‍රිය වන්නේ ඔහු හෝ ඇය තමන්ගේ එකකු ලෙස සමාජය දකින්නට පටන් ගත් විටය. මයිකල් ජැකමයිකල් ජැක්සන් ගායකයකුට වඩා තරුවක් විය. තරුවක් වීමට, විශේෂයෙන් “පොප් තරුවක් වීමට” ගායන හැකියාවට වඩා බොහෝ දේ තිබිය යුතුය. ඕනෑම පුද්ගලයකු ජනප්‍රිය වන්නේ ඔහු හෝ ඇය තමන්ගේ එකකු ලෙස සමාජය දකින්නට පටන් ගත් විටය. මයිකල් ජැක්සන් සුරූපී කළු තරුණයකු වූ කාලයක්ද ඒ නිසාම සුවිශේෂී ජනප්‍රියතාවයක් දිනාගත් අතර බොහෝ දෙනකු ඔහු තමන්ගේ එකකු ලෙස දුටු සමයක්ද තිබුණේය.

කෙසේ වෙතත් ඔහු පිළිබදව බොහෝ මතයන් ලොව පුරා පැතිර තිබුණද, ඒ සුන්දර කලා කරුවාට එදා මෙන් අදත්, හෙටත් ආදරය කරන රසිකයන්හට එවා අදාල නොවේ. ඔවුන් මයිකල් ජැක්සන්ට හා ඔහුගේ නිර්මාණයන්ට ආදරය කරනවා නොව උමතුවෙන් ආදරය කරන බව අතිශෝක්තියක් නොවේ.
                                 
                                  -ප්‍රබුද්ධිකා රත්නායක -

Tuesday, July 11, 2017

මිනිස්සු නේ.... හැටි නේ...

බස් එකක වඩිවෙලා යනකොට මිනිස්සු ඇඟටමයි එන්නෙ. හරිම වදයක්. අතේ තියන බෑග් ඔක්කෝම පටවනවා වාඩිවෙලායන මිනිහගෙ ඇඟට. බැරිවෙලාවත් බ්‍රේක් එකක් ගැහුවොත් විනාසයි. වාඩිවෙලා යන මිනිහාගේ ඇග උඩ හිටගෙන ඉන්න මින්ස්සු ඔක්කොම. අපොයි බස් එකට නැන්ග වෙලේ ඉදලා කණ්නාඩිය තියන පැත්ත බලාගෙන ගියාම ෂේප්. බෑග් දෙන්නේ නෑ එතකොට.  බ්‍රේක් ගැහුවම ඇඟට කවුරුහරි අවොත් හිටියටත් වැඩි මූණ දෙක කරගෙන රැව්වාම ආයේ එන්නෙ නෑ ඇඟට. නැතුව බෑ අනේ අද කාලේ බස්වල යන්න.  වයසක මිනිස්සු, අසනීප මුනිස්සු, තව එක එක දේවල් කියාගෙන එන අයට ෂීට් දෙන්නෙ මොකටද? අපිත් යන්නෙ සල්ලි ගෙවල තමයි. මේ විදිහට තමයි වාඩිවෙලා යන ගොඩක් අය හිතන්නේ.

හැබැයි හිටගෙන යන අය හිතන්නේ ...???

අම්මෝ තඩි බෑග් එල්ලගෙන බස්වල යනවා කියන්නේ එපා වෙන වැඩක්. හරියට අල්ලාගෙන යන්නවත් ඉඩක් නෑ. එ අස්සේ බෑග්එකත් උස්සගෙන. අනේ වාඩිවෙලා යන කවුරුහරි  බෑග්එක ගන්නවනම්. බෑග් එක ගන්නෙ කොහෙද , අමාරුවෙන් හිටගෙන යන අපිට වඩා මූණ ඇදකරගෙන ඉන්නේ ඒ අයනේ. මෙ අස්සේ ඩ්‍රයිවර් බ්‍රේක් පාරක් ගැහුවොත් කරකියා ගන්න දෙයක් නෑ. ඒ මිනිස්සු හිතන්නේ අපි මේ ආසාවට එහාට මෙහාට පැද්දෙනවා කියලා. ඔය අතරෙ වඩේ, අන්නාසි, රඹුටන් විකුණන මිනිස්සු යන්නේ අපේ ඇඟවල් උඩින්. කොන්දොස්තර එහාට යන්න,මැදට යන්න, ඉස්සරහට යන්න කියලා කෑගහනවා. අනේ එකට වාවිවෙලා යන අය. සැපට රඹුරන් කකා යනවා.හිතුනාම නිදා ගන්නවා. ඒ විතරක් ද හිටගෙන ඉන්න අපිට බ්‍රේක් ගහන ගහන පාරට රවනවා.

ඔන්න ඔහොමයි ඒ අය හිතන්නේ...

ඒ කොහොම වුණත් අපි ඔක්කොම යන්නේ පොදු වහනයක. මං වගේ හැමෝම නිදහසේ සැපට  යනන් කැමතියි. ඒ නිසා පුළුවන් තරම් කටවත් කරදර නොකර, පාඩුවේ, යන්න ඕනේ. කියලා හිතන්නේ කීයෙන් කී දෙනාද? මේ කාරණාව බස් රථයට විතරක නෙවෙයි, රෝහලක බෙහෙත්  ගන්න පෝලිමේ , බැංකුවේ, පොදු වැසිකිළියේ, මේ හැම තැනක දීම පොදු කාරනාවක්. සමරහ මිනිස්සු කරන කියන දේ බැලුවම මිනිස්සු මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වය අමතක කරලා දෝ කියන ප්‍රශ්නය විතරක් ඉතිරි වෙන්නේ අනන් ඒ නිසයි. සමහර පුංචි පුංචි කාරණා වලින් අපි ආකල්පමය වෙනසක් ඇති කරගත්තොතින් මේ රට මීට වඩා මනුෂ්‍යත්වයෙන් පිරුණු තැණක් වේවිනේ...
                            
                                    - ප්‍රබුද්ධිකා රත්නායක -

කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ යකඩ මිනිසුන්ගේ කතාව - ගින්නෙන් උපන් සීතල (The Frozen Fire)

                         "සමහරු සටන් වදින්නේ ජයග්‍රණනය වෙනුවෙණි. සමහරු  සටන් වදින්නේ විකල්පයක් නොමැති හෙයිණි.  එහි දී නොසිතූ අරගලයන්ට...