Tuesday, July 11, 2017

මිනිස්සු නේ.... හැටි නේ...

බස් එකක වඩිවෙලා යනකොට මිනිස්සු ඇඟටමයි එන්නෙ. හරිම වදයක්. අතේ තියන බෑග් ඔක්කෝම පටවනවා වාඩිවෙලායන මිනිහගෙ ඇඟට. බැරිවෙලාවත් බ්‍රේක් එකක් ගැහුවොත් විනාසයි. වාඩිවෙලා යන මිනිහාගේ ඇග උඩ හිටගෙන ඉන්න මින්ස්සු ඔක්කොම. අපොයි බස් එකට නැන්ග වෙලේ ඉදලා කණ්නාඩිය තියන පැත්ත බලාගෙන ගියාම ෂේප්. බෑග් දෙන්නේ නෑ එතකොට.  බ්‍රේක් ගැහුවම ඇඟට කවුරුහරි අවොත් හිටියටත් වැඩි මූණ දෙක කරගෙන රැව්වාම ආයේ එන්නෙ නෑ ඇඟට. නැතුව බෑ අනේ අද කාලේ බස්වල යන්න.  වයසක මිනිස්සු, අසනීප මුනිස්සු, තව එක එක දේවල් කියාගෙන එන අයට ෂීට් දෙන්නෙ මොකටද? අපිත් යන්නෙ සල්ලි ගෙවල තමයි. මේ විදිහට තමයි වාඩිවෙලා යන ගොඩක් අය හිතන්නේ.

හැබැයි හිටගෙන යන අය හිතන්නේ ...???

අම්මෝ තඩි බෑග් එල්ලගෙන බස්වල යනවා කියන්නේ එපා වෙන වැඩක්. හරියට අල්ලාගෙන යන්නවත් ඉඩක් නෑ. එ අස්සේ බෑග්එකත් උස්සගෙන. අනේ වාඩිවෙලා යන කවුරුහරි  බෑග්එක ගන්නවනම්. බෑග් එක ගන්නෙ කොහෙද , අමාරුවෙන් හිටගෙන යන අපිට වඩා මූණ ඇදකරගෙන ඉන්නේ ඒ අයනේ. මෙ අස්සේ ඩ්‍රයිවර් බ්‍රේක් පාරක් ගැහුවොත් කරකියා ගන්න දෙයක් නෑ. ඒ මිනිස්සු හිතන්නේ අපි මේ ආසාවට එහාට මෙහාට පැද්දෙනවා කියලා. ඔය අතරෙ වඩේ, අන්නාසි, රඹුටන් විකුණන මිනිස්සු යන්නේ අපේ ඇඟවල් උඩින්. කොන්දොස්තර එහාට යන්න,මැදට යන්න, ඉස්සරහට යන්න කියලා කෑගහනවා. අනේ එකට වාවිවෙලා යන අය. සැපට රඹුරන් කකා යනවා.හිතුනාම නිදා ගන්නවා. ඒ විතරක් ද හිටගෙන ඉන්න අපිට බ්‍රේක් ගහන ගහන පාරට රවනවා.

ඔන්න ඔහොමයි ඒ අය හිතන්නේ...

ඒ කොහොම වුණත් අපි ඔක්කොම යන්නේ පොදු වහනයක. මං වගේ හැමෝම නිදහසේ සැපට  යනන් කැමතියි. ඒ නිසා පුළුවන් තරම් කටවත් කරදර නොකර, පාඩුවේ, යන්න ඕනේ. කියලා හිතන්නේ කීයෙන් කී දෙනාද? මේ කාරණාව බස් රථයට විතරක නෙවෙයි, රෝහලක බෙහෙත්  ගන්න පෝලිමේ , බැංකුවේ, පොදු වැසිකිළියේ, මේ හැම තැනක දීම පොදු කාරනාවක්. සමරහ මිනිස්සු කරන කියන දේ බැලුවම මිනිස්සු මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වය අමතක කරලා දෝ කියන ප්‍රශ්නය විතරක් ඉතිරි වෙන්නේ අනන් ඒ නිසයි. සමහර පුංචි පුංචි කාරණා වලින් අපි ආකල්පමය වෙනසක් ඇති කරගත්තොතින් මේ රට මීට වඩා මනුෂ්‍යත්වයෙන් පිරුණු තැණක් වේවිනේ...
                            
                                    - ප්‍රබුද්ධිකා රත්නායක -

No comments:

කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ යකඩ මිනිසුන්ගේ කතාව - ගින්නෙන් උපන් සීතල (The Frozen Fire)

                         "සමහරු සටන් වදින්නේ ජයග්‍රණනය වෙනුවෙණි. සමහරු  සටන් වදින්නේ විකල්පයක් නොමැති හෙයිණි.  එහි දී නොසිතූ අරගලයන්ට...