Wednesday, July 12, 2017

King of Pop



King of Pop හෙවත් මයිකල් ජැක්සන් යනු ලොවක් ආදරය කළ අමිල චරිතයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහු මෙලාවෙන් සමු ගත් බව පිළිගැනීමට පවා අකමැති ඔහුගේ රසිකයන් වෙනුවෙන් අන්තර්ජාලය ඇසුරින්,  කෙටි සටහනක් ඉදිරිපත් කෙරේ.


මයිකල් ජෝසෆ් ජැක්සන් ඇමෙරිකාවේ ඉපිද වෘතියෙන් ගායකයෙකු, ගීත රචකයෙකු, නර්තන ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු, වශයෙන්ද එසේම දානපතියෙකු වශයෙන් මිය යන තෙක්ම කටයුතු කල අතර ඔහුගේ ගායනමය, නර්තනමය හැකියාවන් හා විලාසිතා නිසාද,ඔහුගේ ප්‍රසිද්ධියට පත් පෞද්ගලික ජිවිතය නිසාද,ලෝකයේ ඉමහත් ජනාදරයට හා ප්‍රසිද්ධයට පත් වු අතර එම නිසාම ඔහු "King of Pop''යන අන්වර්ත නාමයෙන්ද හදුන්වන ලදි.

මයිකල්, නවදෙනෙකුගෙන් යුත් පවුලක අටවෙනි සාමාජිකයා ලෙසින් 1958 වසරේ අගෝස්තු 29වනදා ඇමෙරිකාවේ ඉන්ඩියානාහිදී උපත ලද අතර මයිකල් ගේ ප්‍රථම වෘත්තිමය සංගීත ආගමනය සිදුවුයේ 1964 වර්ශයේදි වන අතර ඒ ඔහුගේ සහෝදරයන් හා ඔහු ඇතුලත් වූ ''Jackson 5''  සංගීත කාණ්ඩයායම හා එක්වය.මෙම සංගීත කාණ්ඩයායමට ඔහු ඇතුලුව ඔහුගේ සහෝදරයන් වන Jackie,Tito, Jermaine, Marlon යන සහෝදරයන් ඇතුලත් විය. මිය යන විට පනස්වැනි වියෙහි පසූවූ ජැක්සන්, ඇමෙරිකාවේ “බෙවිලි”හී සිය නිවසේ දී හදිසි හදවත් රෝගයක් හේතුවෙන් 2009 ජුනි 25 මිය ගියේය.

විදෙස් මාධ්‍යයන් සඳහන් කලේ, ජැක්සන්ට මෙම හදවත් රෝගය ඔහුගේ නිවසේදී හැදී තිබෙන අතර ඔහුගේ සේවකයෙකු විසින් එය වෛද්‍යවරුන්ට දැනුම් දී තිබෙන බවයි. නමුත් වෛද්‍යවරුන් ජැක්සන්ගේ නිවසට පැමිණෙන විටත් ඔහුගේ හදවත ක්‍රියාත්මක තත්ත්වයේ නොතිබූ බවත් වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් ගත්තද මෙම සුපිරි පොප් ගායකයාට ජීවත්වීමට වාසනාව උදාකර දීමට හැකියාවක් නොලැබුණු බවත් වාර්තාවේ.

විදෙස් පුවත් සඳහන් කලේ, ලොස්ඇන්ජලීස් වේලාවෙන් 25වන බ්‍රහස්පතින්දා පස්වරු 2.26ට සුපිරි ගායක මයිකල් ජැක්සන් මිය ගිය බව නිලවශයෙන් ප්‍රසිද්ධ කර ඇති බවයි.
මයිකල් ජෝශප් ජැක්සන්, නවදෙනෙකුගෙන් යුත් පවුලක සත්වෙනි සාමාජිකයා ලෙසින් 1958 වසරේ අගෝස්තු 29වනදා ඇමෙරිකාවේ ඉන්ඩියානාහිදී උපත ලැබීය.

ටැම්බරින් සහ බොංගෝ සංගීත භාණ්ඩ වාදනය කරමින් මයිකල් ජැක්සන් සිය සහෝදරයින්ගේ සංගීත කණ්ඩායම “ජැක්සන් 05” කණ්ඩායමට 1964දී දායකත්වය ලබාදුණි. කෙසේ වෙතත් ඉතා නොබෝ කළකින් මයිකල් ජැක්සන් මෙම සංගිත කණ්ඩායමේ ප්‍රධාන ගායකයාගේ ස්ථානය හිමි කර ගත්තේය.

1967 වසරේ දී ජැක්සන් හඩදුන් “I Want You Back” ගීත අල්බමයට ඉහළ ප්‍රතිචාර ලැබුණු අතර මෙම ගීතය එවකට රසිකයින්ගේ ‘නොම්බර 1’ ගිතය විණි. එවකට මයිකල් ජැක්සන්ගේ වයස අවුරුදු 11කි. හෙතෙම වර්ෂ 1978 දී සිය ඒකපුද්ගල ගීත ඇල්බමයක් එලිදැක්වූ අතර එහි මිලියන 10ක පිටපත් ලොව පුරා අලෙවි විණි.
1982 දී ඔහු විසින් ඉදිරිපිත් කළ “THRILLER” ඇල්බමය ලෝක සංගීත ඉතිහාසයේ ඉතා වේගයෙන් පිටපත් අලෙවි වූ ඇල්බමයක් වන අතර මිලියන 65ක් තරම් වූ පිටපත් එහි අලෙවි වීම හේතුවෙන් එය ගිනස් වාර්තා පොතටද එක් විණි.

එක් වසරකදී වැඩිම ග්‍රරැමි සම්මාන 13ක් ලබාගත් පුද්ගලයා ලෙස 1984 වසරේදී වාර්තාවක් තැබීමට පවා මෙම සුපිරි පොප් ගායකයා සමත් වුණි.

“BAD” නමින් 1987 දී ඉදිරිපත් කළ ගීත ඇල්බමයේ පිටපත් මිලියන 30ක් අලෙවි වුණු අතර මෙම සුපිරි පොප් ගායකයාට වාසනාව කැන්දවූ ගීත ඇල්බමයක් ලෙසින් ද මෙය හැදින්විය හැක. ඉන්අනතුරුව ඔහු ලෝකයේ විවිධ රටවල් සංදර්ශන පවත්වමින් සිය ගීත හැකියාවෙන් රසිකයින් මවිත කළේය. වෙම්බ්ලි හී පැවැති ජැක්සන්ගේ ප්‍රසංගයක් සඳහා වරක් එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය පැමිණ තිබේ.

පොප් ගායක එල්විස් ප්රෙස්ලිගේ දියණිය වන ලීසා මාරි ප්රෙස්ලි සමග මයිකල් ජැක්සන් 1995 දී විවාහ වූ අතර එම විවාහ දිවිය පැවතුණේ වසර දෙකක් වැනි කෙටි කාලයක් පමණි.

1996 සැප්තැම්බර් මාසයේ දී හෙතෙම “History World Tour” සංචාරය අරඹමින් යුරෝපයේ නගර 58ක ගීත සංදර්ශන පැවැත්වීය. එය 1997 ඔක්තෝබර් දක්වා සිදුවිය. මිලියන 4.5කට අධික රසිකයින් පිරිසක් මෙම සංදර්ශනයන් හි අසිරිය විදගැනීමට පැමිණි බව වාර්තා විය. මෙම ලෝක සංචාරය මහද්වීප 05ක රටවල් 35කදී ඉතා සාර්ථකව ඉදිරිපත් කිරීමට හෙතෙම සමත් විය.

කෙනෙකු විසින් වැඩිම පුණ්‍ය කටයුතු ප්‍රමාණයක් සිදු කරමින් ගිනස් පොතට සිය නම ඇතුළත් කර ගැනීමේ වාසනාවද මෙම සුපිරි ජැක්සන්ට 2002 වසරේ දී හිමිවූ බව විදෙස් තොරතුරු තවදුරටත් වාර්තා කරයි. අමෙරිකාවේ 9යි 11 ප්‍රහාරයෙන් පසුව යළි ඇමෙරිකාව නඟා සිටුවීම සඳහාද මයිකල් ජැක්සන් සහ අනෙකුත් ගායක ගායිකාවන් සමඟ එක්ව දැවැන්ත ප්‍රසංගයක් පවත්වමින් සිය දායකත්වය ලබා දි තිබුණි.

එමෙන්ම පසුගිය දිනෙක මෙම සුපිරි තරුව සජීව සංගීත ප්‍රසංග වේදිකාවෙන් සමුගනු ලැබුවද එළඹෙන ජුලි මාසයේ දී නැවත් ප්‍රසංග වේදිකාවට පැමිණීමට තීරණය කර තිබුණි.

එමෙන්ම SONY BMG මියුසික් ආයතනය විසින් මේ වසරේදී මෙම සුපිරි ගායකයාගේ 50වැනි උපන් දිනයට සමගාමීව විවිධ රටවල් නියෝජනය වන පරිදි දැවැන්ත සංගීත ප්රසසංගයන් පැවැත්වීමට ද සැලසුම් සකස් කර තිබුණද ඔහුට ඉතා අවාසනාවන්ත ලෙස මරණය හරස්විය.

මයිකල් ජැක්සන් ගායකයකුට වඩා තරුවක් විය. තරුවක් වීමට, විශේෂයෙන් “පොප් තරුවක් වීමට” ගායන හැකියාවට වඩා බොහෝ දේ තිබිය යුතුය. ඕනෑම පුද්ගලයකු ජනප්‍රිය වන්නේ ඔහු හෝ ඇය තමන්ගේ එකකු ලෙස සමාජය දකින්නට පටන් ගත් විටය. මයිකල් ජැකමයිකල් ජැක්සන් ගායකයකුට වඩා තරුවක් විය. තරුවක් වීමට, විශේෂයෙන් “පොප් තරුවක් වීමට” ගායන හැකියාවට වඩා බොහෝ දේ තිබිය යුතුය. ඕනෑම පුද්ගලයකු ජනප්‍රිය වන්නේ ඔහු හෝ ඇය තමන්ගේ එකකු ලෙස සමාජය දකින්නට පටන් ගත් විටය. මයිකල් ජැක්සන් සුරූපී කළු තරුණයකු වූ කාලයක්ද ඒ නිසාම සුවිශේෂී ජනප්‍රියතාවයක් දිනාගත් අතර බොහෝ දෙනකු ඔහු තමන්ගේ එකකු ලෙස දුටු සමයක්ද තිබුණේය.

කෙසේ වෙතත් ඔහු පිළිබදව බොහෝ මතයන් ලොව පුරා පැතිර තිබුණද, ඒ සුන්දර කලා කරුවාට එදා මෙන් අදත්, හෙටත් ආදරය කරන රසිකයන්හට එවා අදාල නොවේ. ඔවුන් මයිකල් ජැක්සන්ට හා ඔහුගේ නිර්මාණයන්ට ආදරය කරනවා නොව උමතුවෙන් ආදරය කරන බව අතිශෝක්තියක් නොවේ.
                                 
                                  -ප්‍රබුද්ධිකා රත්නායක -

No comments:

කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ යකඩ මිනිසුන්ගේ කතාව - ගින්නෙන් උපන් සීතල (The Frozen Fire)

                         "සමහරු සටන් වදින්නේ ජයග්‍රණනය වෙනුවෙණි. සමහරු  සටන් වදින්නේ විකල්පයක් නොමැති හෙයිණි.  එහි දී නොසිතූ අරගලයන්ට...